Thursday, May 26, 2011

කොට්ටන් ගසේ ප්‍රේමය. . . .

තව වරක් තැවරෙමි
නුබේ මුදු වත මඞලේ
කොළ අතු විහිදුවා
සෙමෙර සලමින් නුබට....
මතකද ඒ යටගිය දවස?
අලු ගසා රිකිලි ලා මා නැගෙන කල
පුංචි පැල් කොටයක් ව
ඔහේ බලාහුන් නුබ,
මගේ නාබර උසට තරමට
මහා ගොඩනැගිල්ලක් වී අද..!!
සිප ගනිමින් නුබේ නලළ'ත
සෙමින් විමසමි මම,
"එනු ඇත මුවතල හයාගෙන
අත් පොරෝ කෙටි
හෙට දිනයක..
‍රැගෙන යනු ඇත
මා නසා අත් පා ද සිද බිද...
කියනු මැන පෙම්බරිය
මා නැති එවන් දිනයක,
නුබ ගොලු ව ඔහේ හිදිනවා ද,
නැතිනම්
ළය පැලී
ගුගුරා හැලෙනවා ද?????

2 comments:

  1. මෙන්න තව වර්ෂා කෙනෙක්.අක්කෙ..මගෙ බ්ලොග් එකටත් ඇවිත් යන්න.

    ReplyDelete