Tuesday, May 17, 2011

හොයන්න.....

හැංගිමුත්තම් සෙල්ලමක්
කරමු ද අපි දෙන්නා?
ඉතින් අපි මොනවද හොයන්නෙ
හංගලා?
ආහ්.... ඇයි? මගෙ හදවත?
ඔන්න පියා ගන්න ඇස් දෙක
ඉතින් දැන් මම ගනින්නම්
එකේ ඉදං සීයට....
අනේ ඔබ සොයන හැටි,
එහේ මෙහේ බල බලා..
ඔන්න ඔය ක‍ටු ලැහැබෙ නෙමේ
කන්දු වැටිය පාමුලත්
ගං ඉවුරු වැටි වලත්
බලලා වැඩක් නෑ...
අසූවයි... අසූ එකයි....අසූ දෙකයි....
මල් දෙවැට ලංග නෙමෙයි...
අනූ නමයයි..... සීයයි....!!!
ඇයි ද වෙහෙසුනේ ඔය තරම්!!
හති දමන ඔයා ලංග ගැහෙන්නේ
මගේ "හදවත" ම කියා
අමතක වුනාද....
මොහොතකට..?????

3 comments:

  1. අක්කා මම මේකට හරිම ආසයි... ඇත්තටම කාලයක් යනකොට එයාලට අමතක වෙනව අපේ හදවත එයාල ලඟ තියල තියෙන්නෙ කියලා...

    ලස්සනම ලස්සනයි....

    ReplyDelete
  2. ස්තුතියි බබා... ඒක ඉබේ ලියපු එකක්..

    ReplyDelete