Thursday, May 19, 2011

අපි.....

 ඉර එලිය වැටී
දිලිහෙන කලු බදට
පෑහෙන කලු වීදුරු ද
මියුරු සත්සරය වෙලාගත්
මුදු සුමුදු ආසන ද
රම්‍ය සුරම්‍ය වූ සිසිලස මැද
ඇන්ජිමට සැර දම දමා
ඉහිලුම් නැතිව ඔබ හිදින කල
කඩුල්ල අභියස
මේ කබල් ආසනද
සිදුනු බිදුනු කවුලු පත් හා
තෙල් දූලි වැකුනු බදට දරාගෙන
මම යන්නම්
ඔච්චමට
පොඩි හූවකුත් කියාගෙන....!!!!

3 comments:

  1. අපේ කෝච්චියටද මේක..?????

    ReplyDelete
  2. අපේ කෝච්චියෙ යද්දි තමා හිතුනෙ... හැබැයි මේක දෙන්නෙක් ගැන...

    ReplyDelete