සබද ,
සපැමිණි මේ විල්තෙරට..
අවසරයි වැතිරෙන්න
මුදු තණ පළස මත
විදිනු මැන සිහිලස
මේ ලිය මඩුලු මැද සැගවුනු...
සුන්දරද කෙතරම්...
සියපත් සහස ..
නැලැවෙන
නිසල විල් දිය මත!!
නිවාගනු මැන විඩාව
දිගු දිවි ගමනක..
මේ සංහිදියාව අභිමුව,
සුමුදු සද කැන් සේම
උනුසුම් ළහිරු රැස් පවා
සුව සදයි එක ලෙසම...
එහෙත් ප්‍රිය සබද,
නික්ම යන විට විල් තෙර හැර,
සෙමින් පිය මැන යනු මැන
නොකළබා මේ නිසල විල් දිය තලය...!!!!
මල නොතලා රොන් ගෙන යන්න....
ReplyDeleteThis won't happen in the reality
ReplyDeleteBut an innocent request 😊
ReplyDelete